රුපියල් මිලියන 42 ක පිරිවැයකින් මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරමින් ඊට මුල්ගල් තැබීමේ අවස්ථාවට අද (15) දින සහභාගී වූ බව වෛද්‍ය නාලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. කාලයක් පුරා පැවති මෙම අවශ්‍යතාව වෙනුවෙන් වත්මන් රජය යටතේ අරමුදල් වෙන් කර ඇති අතර, නියමිත දිනට මෙහි සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිතව ඇත.
මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව රණසිංහ, ධනුෂ්ක රංගනාත්, ජගත් පින්නගොඩ, මතුගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක නීතිඥ ලලිත් සිරිවර්ධන, මතුගම ප්‍රාදේශීය ලේකම් මධුෂ සංකල්ප, කලාප අධ්‍යාපන අධ්යක්ෂ සමන්ති ගලප්පත්ති, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති පී.ඩබ්.ඒ.ඒ. ලංකාචන්ද්‍ර, නියෝජ්‍ය විදුහල්පති සුජීව ප්‍රියදර්ශන යන මහත්ම මහත්මීන් ඇතුළු ආචාර්ය මණ්ඩලය, හිටපු විදුහල්පතිවරුන්, ආදි ශිෂ්‍ය සංගමයේ සහ පාසල් සංවර්ධන කමිටුවේ නිලධාරීන් මෙන්ම පාසල් සිසු දරු දැරියන් පිරිසක් එක්ව සිටියහ. ප්‍රදේශයේ අධ්‍යාපන හා ක්‍රීඩා ක්ෂේත්රයේ සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා පාසල් දරුවන්ට නව පහසුකම් රැසක් හිමිවනු ඇත.














