දිවයිනේ සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ඊයේ ආරම්භ කළ කළු විරෝධතා සතියට සමගාමීව, අද දිනයේදී මුල්වරට කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කර තිබේ. ආචාර්යවරුන්ගේ හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 09 වනදා සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් සංකේත වර්ජනයකද නිරත වී ඇති අතර, මේ වන විට ඔවුන් සිය විරෝධතා ක්‍රියාමාර්ග තවදුරටත් තීව්ර කර ඇත.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණ දී සිටින මෙම වෘත්තීය ගැටලු සහ අර්බුද හමුවේ, අද පස්වරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහා විශේෂ සාකච්ඡාවක් ලබා දී තිබේ. මෙම සාකච්ඡාව හරහා පවතින ගැටලුවලට නිසි විසඳුම් ලබා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර, උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මෙම සාකච්ඡාව තීරණාත්මක වනු ඇත.













