ඌව, නැගෙනහිර, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
මෙම ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. එම නිසා අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැන්වීමක් කර තිබේ.
අධික අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහජනතාව දැඩි ආරක්ෂක විධිවිධාන අනුගමනය කිරීම සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය වන අතර, ඉදිරි පැය කිහිපය තුළ ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවීම වැදගත් වේ.














