ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි මහතා, ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබේ. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අද (16) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබුණි.
පැය 05කට ආසන්න කාලයක් අදාළ විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා දීමෙන් පසුව ඔහු එලෙස කොට්ඨාසයෙන් පිටව ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු තහවුරු කර ඇත.
මෙම විමර්ශනවල ඉදිරි පියවරයන් සහ අනාවරණය වන කරුණු මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග තීරණය වනු ඇත.














