හෙල්ල විසිකිරීමේ ජාතික ශූර රුමේෂ් තරංගට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබාදීමට නියමිත නව හෙල්ල කට්ටලය ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමට නියමිත බව ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න පවසයි. ලබන 20 වැනිදා ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ජපානය බලා පිටත්ව යාමට පෙර එම උපකරණ ලැබෙනු ඇති බවට ඔහු විශ්වාසය පළ කරයි. මේ අතර, ජපානයේදී පුහුණු කටයුතු සඳහා හෙල්ල කිහිපයක් ලබාදෙන ලෙස ආසියානු මලල ක්‍රීඩා සංගමයෙන්ද ඉල්ලීමක් කර ඇති අතර, මීට පෙර ගුවන් මගින් ප්‍රවාහනය කිරීමේදී රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය ප්‍රතිපූරණය කිරීමට තුර්කි ගුවන් සේවය එකඟ වී තිබේ.














