වසර 25කට වැඩි කාලයක් රාජ්‍ය වැවිලි ආයතනවල සේවකයින්ට නොගෙවා ඇති ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට රජය පියවර ගෙන ඇති බව කම්කරු අමාත්‍යාංශය නිවේදනය කරයි. පළමු අදියර යටතේ සේවකයින් 308 දෙනෙකුට රුපියල් මිලියන 79කට අධික හිඟ පාරිතෝෂික මුදල් ගෙවීම මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සිදු කර ඇති අතර, අර්ධ රාජ්‍ය ආයතන 10ක සේවකයින් 10,000කට අධික පිරිසකට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඉතිරි සේවකයින් සඳහා ද හිඟ පාරිතෝෂික, ඊ.පී.එෆ්. (EPF) සහ ඊ.ටී.එෆ්. (ETF) අරමුදල් ගෙවීමට කටයුතු කරමින් පවතින බවත්, අදාළ කැබිනට් අනුමැතිය යටතේ රාජ්‍ය වැවිලි ආයතන තුනක් සඳහා රුපියල් මිලියන 4,500කට අධික මුදලක් වෙන් කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.














