2026 අයෝචි-නගෝයා ආසියානු ක්රීඩා උලෙළට සහභාගී වන ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවන් වෙනුවෙන් ඩයලොග් ආසියාටා පීඑල්සී (Dialog Axiata PLC) ආයතනය සිය අනුග්රහය ලබා දී තිබේ. ශ්රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ අත්වැල් බැඳගනිමින් මෙම අනුග්රහය ලබා දී ඇති අතර, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උලෙළ දිගුකාලීන ඉලක්කයක් ලෙස තබා ගනිමින් රට තුළ ක්රීඩාව සංවර්ධනය කිරීමේ පුළුල් කැපවීමක කොටසක් ලෙස මෙය ක්රියාත්මක වේ. දශක ගණනාවක් පුරා මෙරට ක්රීඩාව නගාစිටුවීමට කටයුතු කර ඇති ඩයලොග් ආයතනය, ජාතික ඔලිම්පික් කමිටුවේ නිල විදුලි සංදේශ සහකරු ලෙසද 2028 දක්වා කටයුතු කරනු ලබයි.















