ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වැනි ජන්ම සංවත්සරය අදට යෙදී තිබේ. 1864 සැප්තැම්බර් 17 වැනිදා උපත ලැබූ ඔහු ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේද බුදු දහමේ පුනරුදය වෙනුවෙන් ක්‍රියාකාරී මෙහෙවරක නිරත විය.
1891 වසරේ මහාබෝධි සංගමය පිහිටුවීමට පුරෝගාමී වූ ධර්මපාලතුමන්, ඉන්දියාවේ බුද්ධගයාව ඇතුළු බෞද්ධ පූජනීය ස්ථාන සම්බන්ධයෙන් බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගුකාලීන ව්‍යාපාරයක් ගෙන ගියේය. එම මෙහෙවර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ ආගමික සබඳතා යළි ශක්තිමත් කිරීමටද වැදගත් දායකත්වයක් ලබා දුන්නේය.
බෞද්ධ පුනරුදය සහ සමාජ ප්රබෝධය වෙනුවෙන් සිය ජීවිතයේ විශාල කොටසක් කැප කළ අනගාරික ධර්මපාලතුමන් 1933 අප්‍රේල් 29 වැනිදා අභාවප්‍රාප්ත විය.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














