වැල්ලවත්ත වෙරළ තීරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක ඊයේ රාත්‍රියේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාර ඇතුළු පස්දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශ්ව කොඩිකාර සන්තකයේ තිබී කොකේන් මිලිග්‍රෑම් 1050ක් සොයාගත් බව වැල්ලවත්ත පොලිසියේ නඩු මෙහෙයුම් අංශය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
කොකේන් ළඟ තබාගැනීමේ වරද අධිකරණය හමුවේ පිළිගැනීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට රුපියල් 5,000ක දඩයක් නියම කර ඇති අතර, නැවත මෙවැනි චෝදනාවකට ඉදිරිපත් වුවහොත් පුනරුත්ථාපනය සඳහා යොමු කරන බවට අධිකරණයෙන් අවවාද කර තිබෙනවා.















