තායිලන්තයේ නිල සංචාරයක නිරත වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් බැංකොක්හි ඓතිහාසික සොන්ග්වට් ප්‍රදේශයේ උරුම සංචාරක වැඩසටහනකට එක්ව තිබේ. තායිලන්ත සංචාරක අධිකාරිය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනට ශ්‍රී ලංකා තානාපති විජයන්ති එදිරිසිංහ සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිසද එක්ව සිටියහ.
සොන්ග්වට් ප්‍රදේශයේ සංස්කෘතික අනන්‍යතාව, ඓතිහාසික ගෘහ නිර්මාණ, සාම්ප්‍රදායික වෙළෙඳාම සහ නව නිර්මාණශීලී භාවිතයන් ඒකාබද්ධ කරමින් උරුම ප්‍රදේශ සංචාරක අත්දැකීම් ලෙස සංවර්ධනය කර ඇති ආකාරය එහිදී නිරීක්ෂණය කර තිබේ.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින සංස්කෘතික හා බෞද්ධ සබඳතා පදනම් කරගනිමින් බෞද්ධ හා සංස්කෘතික සංචාරක සහයෝගීතාව, කලාපීය සම්බන්ධතා සහ දෙරට අතර සංචාරක ප්‍රවාහ තවදුරටත් වර්ධනය කිරීමේ අවස්ථා පිළිබඳවද අවධානය යොමු වී තිබේ.














