බන්ධනාගාර නිලධාරීන්ගේ පහසුකම් සහ සුබසාධනය තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව 2027 අයවැයට අදාළ පූර්ව සාකච්ඡාවලදී අවධානය යොමු කර තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ පූර්ව අයවැය සාකච්ඡාවේදීද මෙම කරුණු සාකච්ඡා කර ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරී හිඟයද ප්‍රධාන ගැටලුවක් වී ඇති අතර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නිල තොරතුරු අනුව අනුමත නිලධාරී සංඛ්‍යාව 7,867ක් වුවද සේවයේ සිටින සංඛ්‍යාව 5,378ක් පමණ වේ. පුරප්පාඩු සඳහා නව නිලධාරීන් බඳවා ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු වී තිබේ.
කෙසේවෙතත් බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් හෝ දීමනා 2027 අයවැයෙන් නිශ්චිතව වැඩි කරන බවට අවසන් තීරණයක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.














