බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරක් සංසරණය වන බව වාර්තා වේ.
පූජනීය දන්ත ධාතුන් වහන්සේ සහ ශ්‍රී දළදා කරඬුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා ප්‍රකාශයක් කළ බවට හඟවමින් මෙම ව්‍යාජ පෝස්ටරය නිර්මාණය කර ඇති බව සඳහන් වේ. එම පෝස්ටරයට අදාළ සමාජ මාධ්‍ය ගිණුම් සහ තිර සටහන් කිහිපයක්ද හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස ජනතාව නොමග යවන අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ ප්‍රචාර සමාජ මාධ්‍ය වෙත මුදාහරින හෝ බෙදාහරින පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද රජය සඳහන් කර ඇති බව වාර්තා වේ.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














