ඉතියෝපියානු අධිරාජ්‍ය ටෙවොඩ්රොස් IIගේ රාජකීය පුස්තකාලයට අයත්ව තිබූ දුර්ලභ **Gondarine Gospel** නම් පැරණි අත්පිටපතක්, 1868දී බ්‍රිතාන්‍ය හමුදා විසින් Maqdala ප්‍රහාරයෙන් පසු ඉතියෝපියාවෙන් රැගෙන ගිය බව සඳහන් වේ. වසර 158කට පමණ පසු එම අත්පිටපත Abu Dhabi හි විකිණීම සඳහා ඉදිරිපත් වීමත් සමඟ එය යළි ඉතියෝපියාවට ලබාදීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ.
Ge’ez භාෂාවෙන් සම්පාදනය කර ඇති මෙම අත්පිටපත ක්‍රි.ව. 1730–1740 අතර කාලයට අයත් වන අතර, පිටු 218ක් සහ සිතුවම් 235ක් ඇතුළත් බව එය විකිණීමට ඉදිරිපත් කළ **Inlibris** සමාගම සඳහන් කරයි. එහි Luke සහ John යන Gospel අන්තර්ගත වන අතර, එය සම්පූර්ණ Bible එකක් නොව Gospel manuscript එකක් බවද වාර්තා වේ.
ඉතියෝපියානු Heritage Authority විසින් අත්පිටපතේ විකිණීම නතර කර එය කොන්දේසි රහිතව ඉතියෝපියාවට ආපසු ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. එහෙත් Inlibris පාර්ශ්වය සඳහන් කර ඇත්තේ අත්පිටපතට දිගු හිමිකාරීත්ව ඉතිහාසයක් පවතින බවත්, එය ආපසු ලබාදීම සඳහා නීතිමය පදනමක් නොමැති බවත්ය. සමාගම විසින් ඉතියෝපියානු ආයතන වෙත “හිතකර මිලකට” විකිණීමේ හැකියාවක්ද යෝජනා කර ඇති බව වාර්තා වේ.
මෙම අත්පිටපතට €250,000ක පමණ මාර්ගෝපදේශ මිලක් සඳහන් වී තිබුණද, එය එම මුදලට විකිණී ඇති බවට තොරතුරක් නොමැත. මේ අතර, 1868දී Maqdala හිදී බ්‍රිතාන්‍ය හමුදාව විසින් ඉතියෝපියානු රාජකීය හා ආගමික වස්තූන් විශාල ප්‍රමාණයක් රැගෙන ගිය බව Victoria and Albert Museum ද සඳහන් කරයි.














