ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞදි අරාබිය සමඟ යෝජිත සිවිල් න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්රටික් මන්ත්‍රීවරුන් පිරිසක් **අනුමැතිය ප්‍රතික්ෂේප කිරීමේ යෝජනාවක් (resolution of disapproval)** ඉදිරිපත් කර තිබේ. ට්‍රම්ප් පරිපාලනය ගිවිසුම අගෝස්තු මාසයේදී කොංග්‍රසයට ඉදිරිපත් කිරීමෙන් පසු එය සමාලෝචනය කිරීමට දින 90ක කාලයක් හිමිව තිබේ.
ඩිමොක්රටික් මන්ත්‍රීවරුන් සහ න්‍යෂ්ටික අවි පැතිරීම වැළැක්වීම වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායම් අවධානය යොමු කර ඇත්තේ, ගිවිසුම මඟින් සෞදි අරාබියට යුරේනියම් පොහොසත් කිරීම හෝ න්‍යෂ්ටික අපද්‍රව්‍ය නැවත සැකසීම පිළිබඳ සීමා පැහැදිලිව පනවා නොමැති බවට ඔවුන් පවසන කරුණයි. එවැනි ක්‍රියාමාර්ග න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සඳහා භාවිත කළ හැකි හැකියාවන් සමඟ සම්බන්ධ වන බව ඔවුහු පෙන්වා දෙති. ඊට ප්රතිවිරුද්ධව, ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ ගිවිසුම නීතියෙන් අවශ්‍ය න්‍යෂ්ටික අවි පැතිරීම වැළැක්වීමේ ආරක්ෂණ ක්‍රියාමාර්ග ඇතුළත් කරන බවයි.
මෙම වසර 30ක ගිවිසුම යටතේ සෞදි අරාබියේ **AP1000 න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක** ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, එය ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘතියක් ලෙස සැලකේ. ගිවිසුමේ සියලු කොටස්, විශේෂයෙන් සෞදි අරාබිය සමඟ ඇති රහස්‍ය “side letters”, කොංග්‍රසයට හෙළි කරන ලෙසද ඇතැම් මන්ත්‍රීවරු ඉල්ලා තිබේ. මේ අතර සෞදි අරාබිය ඊශ්‍රායලය සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීම ගිවිසුම ක්‍රියාත්මක වීමට අනිවාර්ය කොන්දේසියක්ද යන්න පිළිබඳව තවමත් පැහැදිලිභාවයක් නොමැත.
ගිවිසුම සම්බන්ධයෙන් කොංග්‍රසය තුළ අවසන් තීරණයක් ගෙන නොමැති අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නොවැම්බර් මධ්‍ය වාර මැතිවරණයෙන් පසු නැවත රැස්වීමට නියමිත බැවින් යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම සිදුවන දිනයද මෙතෙක් පැහැදිලි නැත. Reuters වාර්තා කරන පරිදි, න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමක් සම්බන්ධයෙන් මෙවැනි disapproval resolution එකක් මීට පෙර සාර්ථකව සම්මත වී නොමැත.














