ජාතික ජන බලවේග ආණ්ඩුවේ දෙවැනි සංවත්සරය නිමිත්තෙන් සැප්තැම්බර් 20 වැනිදා පස්වරු 2.00ට අකුරැස්සේදී ජන රැලියක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කර ඇති පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායකද එම රැලියට සහභාගී වීමට නියමිතය.
“අපේ ආණ්ඩුව – වසර දෙකයි. රටට සෙත් වේවා” යන තේමාව යටතේ රැලිය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.














