අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සෞදි අරාබියට F-35 ප්‍රහාරක යානා 48ක් ඇතුළත් යෝජිත හමුදා ගනුදෙනුවක් අනුමත කර ඇති අතර, එහි ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 24.3ක් බව රොයිටර් වාර්තා කරයි. මෙම පැකේජයට F135 එන්ජින් 49ක් ඇතුළු ආශ්‍රිත උපකරණ සහ සහායද ඇතුළත් වේ.
මෙම යෝජිත ගනුදෙනුව කොංග්‍රස් සමාලෝචනය සඳහා යොමු කර ඇති අතර, කොංග්‍රසයට දින 30ක සමාලෝචන කාලයක් පවතී. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මෙම ගනුදෙනුව සෞදි අරාබියේ ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කරමින් අමෙරිකාවේ විදේශ ප්‍රතිපත්ති සහ ජාතික ආරක්ෂක අරමුණු සඳහා සහය වන බවයි. එමෙන්ම යෝජිත ගනුදෙනුව කලාපයේ හමුදා බල තුලනය වෙනස් නොකරනු ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, හූති සංවිධානය සෞදි අරාබියේ F-15 ප්‍රහාරක යානයක් යේමනයේ මාරිබ් ප්‍රදේශයේදී බිම හෙළූ බවට ප්‍රකාශ කර ඇති අතර, සෞදි බලධාරීන් එම ප්‍රකාශය තහවුරු කර නොමැත. එම සිද්ධිය ස්වාධීනවද තහවුරු වී නොමැති බව වාර්තා වේ.














