දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතාට එරෙහිව අද (18) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි පවසන අක්‍රමිකතා සහ දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන වංචා පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස එමගින් ඉල්ලා තිබේ.
එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති බව කියන මූල්‍ය අලාභ සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
මෙම පැමිණිල්ල ඉදිරිපත් වන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනමය ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටින පසුබිමකය.














