සර්වජන බලය නිර්මාණය වූයේ තමන්ට ජනාධිපති වීමට හෝ මෙහි සිටින පිරිසට අමාත්‍යවරුන් වීමට වැනි කුඩා සිහිනයන් ඉටු කර ගැනීමට නොවන බවත්, රටේ තාරුණ්‍යය සවිමත් කරමින් ඔවුන්ට අනාගතයේදී රටේ නායකත්වයට පත්වීමට අවස්ථාව සලසා දීම අරමුණු කරගත් බවත් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ සර්වජන තරුණ පෙරමුණේ සාමාජිකයින් වෙත පත්වීමේ ලිපි ප්රදානය කිරීම සඳහා සර්වජන බලය පක්ෂ මූලස්ථානයේදී පැවති උත්සවයකට එක්වෙමිනි. මෙම අවස්ථාවේදීම සර්වජන තරුණ පෙරමුණේ නිලධාරී මණ්ඩලය පත්කිරීමද සිදු කර ඇති අතර, තාරුණ්‍යයට හෙට දවසේ රටේ නායකත්වයට පත්වීම සඳහා සැබෑ වේදිකාවක් සකස් කර දී ඇත්තේ සර්වජන බලය හරහා බව දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














