සෞදි අරාබියේ රැකියාවක නිරතව සිටියදී සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනක් හේතුවෙන් මරණ දඬුවම නියම වූ සිවරාසා අනෝජන් නැමැති තරුණයා මුදා ගැනීම සඳහා මැදිහත් වන ලෙස අම්පාර කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ මව රජයෙන් ඉල්ලා සිටියි. මෙම තරුණයාට මීට පෙර වසර 5 ක සිර දඬුවමක් නියම වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් යොමු කළ අභියාචනයකින් අනතුරුව පසුගියදා ඔහුට මරණ දඬුවම නියම වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා හෙළික කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත්තේ සිවරාසා අනුජන්ගේ නඩු කටයුත්ත කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇති බවයි. රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොළඹ සෞදි අරාබි තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම සිදුවීමේ ප්‍රගතිය නිරන්තරයෙන් සොයා බලන බවත්, රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ සෞදි බලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් අදාළ තරුණයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














