ඇමෙරිකානු මධ්‍යම බුද්ධි කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් මහතා සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි මහතා අතර විශේෂ රාජ්‍ය තාන්ත්‍රික හමුවක් ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී පවත්වා තිබේ.
මැදපෙරදිග කලාපය පුරා පවතින උණුසුම්කාරී හමුදාමය තත්ත්වය, බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම, කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සහ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව මෙම හමුවේදී දෙපාර්ශ්වයේ වැඩි අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. ඊජිප්තුව යනු මැදපෙරදිග ගැටුම් සමනය කිරීම සඳහා මැදිහත්වන ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික පාර්ශ්වයක් වන බැවින් මෙම හමුව ඉතා තීරණාත්මක එකක් ලෙස ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.













