හොරණ පොලිස් වසමේ වවුල්ගල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2026.09.20 දින උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 78යි මිලිලීටර් 750ක් (බෝතල් 105ක්) සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 79ක් වන හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු හොරණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













