2026 ජුනි 26 වැනිදා රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර ප්‍රදේශයේදී වාහන එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබේ.
මාතර දෙසට ගමන් කරමින් තිබූ බබස් රථ දෙකක්, මෝටර් රථ 6ක් ඇතුළු වාහන කිහිපයක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ. අනතුරින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූවන්ගේ නිශ්චිත සංඛ්‍යාව තහවුරු වී නොමැත.
අනතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ගමන් කරන මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් ඇතිවූ බව වාර්තා විය.













