ජපාන දූපත් සමූහය දෙසට සීඝ්රයෙන් ඇදී එන ‘ඩිජුවාන්’ ටයිෆූන් සුළි කුණාටුව හේතුවෙන් එරට අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සිය ගණනක් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ජපාන ගුවන් සේවා බලධාරීන් කටයුතු කර තිබේ.
සුළි කුණාටුවත් සමඟ ඇතිවිය හැකි දැඩි තද සුළං, ගංවතුර සහ නායයෑම් ඇතුළු අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට සහ ප්‍රවාහන පද්ධතියට දැඩි බාධා එල්ල විය හැකි බවට විද්‍යාඥයින් සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. ආරක්ෂිත පියවරක් ලෙස වෙරළබඩ සහ අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාවට සුදානමින් සිටින ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසත් උපදෙස් දී තිබේ.













