ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය මෙහෙයුම් සහ මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව හමුවේ ජාත්‍යන්තර ඉන්ධන සැපයුම් ජාලයන්ට දැඩි බාධා එල්ල වී ඇති අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස වසරේ සිව්වන කාර්තුවේදී යුරෝපය පුරා බරපතල ජෙට් ඉන්ධන හිඟයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව තිබේ.
රොයිටර් පුවත් සේවය උපුටා දක්වමින් Al Jazeera English වාර්තා කරන්නේ, මැදපෙරදිගින් සහ ගෝලීය වෙළඳ මාර්ග හරහා යුරෝපයට ලැබෙන ජෙට් ඉන්ධන ආනයනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ ඉදිරි මාස කිහිපය තුළ යුරෝපීය ගුවන් සේවා ගමන් වාර සීමා කිරීමට සහ ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමට සිදුවනු ඇති බවට ආර්ථික සහ ගුවන් ක්ෂේත්‍ර විශ්ලේෂකයෝ අනතුරු අඟවති.













