උතුරු සිරියාවේ ඇලෙප්පෝ ප්‍රදේශයේ අල්-ඊස්හි පිහිටි සිරියානු ආරක්ෂක අමාත්‍යාංශයට අයත් හමුදා ආයුධ ගබඩාවක හදිසියේ සිදුවූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු (4) තුවාල ලබා ඇති බව සිරියානු රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි.
පළමු ප්‍රබල පිපිරීමෙන් අනතුරුව අඛණ්ඩව ද්විතීයික පිපිරීම් රැසක් සිදුව ඇති අතර, එමගින් හටගත් දැවැන්ත ගිනිජාලා සහ දුම් රොටු කිලෝමීටර ගණනාවක් ඈතට දිස්වූ බව ප්‍රදේශවාසීහු පවසති. දිගින් දිගටම සිදුවන පිපිරීම් සහ ගිනිගැනීම් හේතුවෙන් සහන සේවා සහ ගිනිනිවන රථවලට අදාළ ස්ථානයට ළඟාවීම අතිශයින්ම අවදානම් වී ඇති අතර, සිවිල් ජනතාවගේ ආරක්ෂාව උදෙසා ඇලෙප්පෝ-ඩැමස්කස් ප්‍රධාන මහා මාර්ගය ඇතුළු පිවිසුම් මාර්ග වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස ඇලෙප්පෝ ආණ්ඩුකාරවරයා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියි.













