මන්නාරමට උතුරු මුහුදේදී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු අද (21) අලුයම නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගෙන තිබෙනවා.
යාපනය ගුරුනගර් ධීවර වරායෙන් පසුගිය 19 වැනිදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාව නැවත වරායට පැමිණ නොතිබීම හේතුවෙන්, එය සොයා ගැනීමට නාවික හමුදාවේ සහාය ඉල්ලා තිබුණා. ඒ අනුව සිදුකළ සෙවීම් මෙහෙයුමේදී තලෙයිමන්නාරමට උතුරු මුහුදේ ඉන්ධන අවසන් වී අක්‍රීයව පාවෙමින් තිබූ යාත්‍රාව සොයාගෙන තිබෙනවා.
මුදාගත් ධීවරයින් දෙදෙනා සහ යාත්‍රාව තලෙයිමන්නාරම වෙත රැගෙන විත් ඔවුන්ට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමටද නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.













