අද (21) ශ්රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයේ විනිමය අනුපාත පසුගිය සිකුරාදාට සාපේක්ෂව සුළු වෙනස්කම්වලට ලක්ව තිබෙනවා.
ඒ අනුව, කොමර්ෂල් බැංකුවේ ඩොලරයක විකුණුම් මිල රු. 335ක් වන අතර, සම්පත් බැංකුවේ එය රු. 335.25ක් සහ NDB බැංකුවේ රු. 335.50ක් ලෙස වාර්තා වනවා.
සෙලාන් බැංකුවේ විකුණුම් මිල රු. 336ක් ලෙස නොවෙනස්ව පවතින අතර, මහජන බැංකුවේ එය රු. 335.03ක් ලෙස සඳහන්. මිලදී ගැනීමේ අනුපාත බැංකුවෙන් බැංකුවට වෙනස් වනවා.













