අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව පුළුල් සම්බාධක පැනවීමට සූදානම් කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා. අධිකරණයට එරෙහි මෙම පියවර ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඊශ්‍රායල නායකයන්ට එරෙහිව නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ඉවත් කරගන්නා ලෙසත්, ඇෆ්ගනිස්ථානයේ අමෙරිකානු හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් පැවැති විමර්ශනය අත්හරින ලෙසත් අමෙරිකානු බලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටින බව සඳහන්.
යෝජිත සම්බාධක ක්‍රියාත්මක වුවහොත්, අමෙරිකානු පුද්ගලයන්ට සහ සමාගම්වලට විශේෂ බලපත්‍රයක් නොමැතිව ICC වෙත මුදල්, භාණ්ඩ හෝ සේවා සැපයීම සීමා වනු ඇති. එමගින් අධිකරණයේ තොරතුරු තාක්ෂණ සේවා, රක්ෂණ කටයුතු, විමර්ශන සහ දෛනික මූල්‍ය ගනුදෙනු ඇතුළු කටයුතුවලට බලපෑම් එල්ල විය හැකි බව වාර්තා වනවා.













