අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2026) විභාගයේ නර්තනය, සංගීතය, නාට්‍ය හා රංග කලාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ගෘහ ආර්ථික විද්‍යාව සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ අනිද්දා (24) සිට ලබන මස 21 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළේ දේශීය හා භරත නර්තනය, පෙරදිග, කර්ණාටක හා බටහිර සංගීතය මෙන්ම සිංහල, ඉංග්‍රීසි හා දෙමළ නාට්‍ය හා රංග කලාව යන විෂයයන්හි පරීක්ෂණ මේ මස 24 වැනිදා සිට ඔක්තෝබර් 03 වැනිදා දක්වා පැවැත්වෙන බවයි.
එමෙන්ම ඉංජිනේරු තාක්ෂණවේදය මේ මස 30 වැනිදා සිට ඔක්තෝබර් 10 වැනිදා දක්වාත්, ගෘහ ආර්ථික විද්‍යාව ඔක්තෝබර් 10 වැනිදා සිට 20 වැනිදා දක්වාත්, ජෛව පද්ධති තාක්ෂණවේදය ඔක්තෝබර් 17 වැනිදා සිට 21 වැනිදා දක්වාත් පැවැත්වීමට නියමිතය. පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද, පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර තැපැල් මඟින් ද එվել මඟ සලසා ඇති අතර, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ද දින 7කට පෙර සිට ප්‍රවේශපත්‍ර බාගත කරගැනීමේ පහසුකම් සලසා ඇත. යම් ගැටළුවක් වේ නම් 1911 ක්ෂණික දුරකථන අංකය හෝ වෙනත් අදාළ අංක මඟින් තොරතුරු විමසා දැනගත හැක.
















