යාපනය දිස්ත්‍රික්කයේ තෙලිප්පලෙයි මූලික රෝහලේ රුපියල් මිලියන 196.6ක වියදමින් අභිනවයෙන් ඉදි කරන ලද සිව්මහල් වෛද්‍ය නිලධාරී නිවාස සංකීර්ණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත නිල වශයෙන් භාර දීම පසුගියදා සිදු කෙරිණි. රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් සඳහා ප්‍රමාණවත් නේවාසික පහසුකම් නොතිබීම හේතුවෙන් දීර්ඝ කාලයක් පුරා පැවති ගැටළුවට කඩිනම් විසඳුමක් ලබා දීමේ අරමුණින් මෙම නිවාස සංකීර්ණය ඉදි කර ඇති අතර, මෙහි වෛද්‍ය නිලධාරීන් 22 දෙනෙකුට පමණ සුවපහසු නේවාසික පහසුකම් සැලසේ.
උතුරු පළාත් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදි කළ මෙම නව නිවාස සංකීර්ණය මඟින් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට වඩාත් යහපත් සේවා පරිසරයක් නිර්මාණය වන අතරම, රෝගී සත්කාර සේවා අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට ද විශාල ශක්තියක් ලැබෙනු ඇත. මීට අමතරව, රෝහල් පරිශ්‍රයේ ඉදි වෙමින් පවතින නව රසායනාගාරය, සී.ටී. හා එම්.ආර්.අයි. අංශ සහ වාට්ටු ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් රැසකින් සමන්විත සිව්මහල් වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ප්‍රගතිය ද ඇමැතිවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















