සමාජ මාධ්‍ය සහ ඩිජිටල් තාක්ෂණය හමුවේ දරුවන් හා තරුණ පරපුර මුහුණ දෙන අවදානම්වලින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ජාතික හා කලාපීය මට්ටමින් ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට UNICEF සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝජිතයින් ද එක්ව සිටියා. දැනුවත් කිරීම හා බලගැන්වීම, ඩිජිටල් වේදිකා නිර්මාණයේදී ආරක්ෂාව මුල සිටම ඇතුළත් කිරීම සහ නීති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම යන ක්ෂේත්‍ර තුන ඔස්සේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට මෙහිදී අවධානය යොමු වුණා.
UNICEF සහාය ඇතිව සකස් කර ඇති දරුවන් සඳහා වන අන්තර්ජාල ආරක්ෂණ මාර්ගෝපදේශ කඩිනමින් හඳුන්වාදීමට ද පියවර ගනිමින් සිටිනවා. එමෙන්ම කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස 2027 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේදී කලාපීය සමුළුවක් පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර අදාළ අමාත්‍යාංශ එක්ව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.














