බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 5ක්, නීතිවිරෝධී ගිනිඅවි සහ උණ්ඩ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මෙහෙයුමේදී මෙරට නිෂ්පාදිත ටී-කටා වර්ගයේ ගිනිඅවි 5ක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවි 2ක්, ටී-56 පතොරම් ගැබ් 4ක්, ටී-56 උණ්ඩ 95ක් සහ විවිධ වර්ගයේ ජීව උණ්ඩ 436ක් සොයාගත් බවයි. අත්විලංගු යුගල 2ක් ද සොයාගෙන තිබෙනවා.
සැප්තැම්බර් 12 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොටිකාවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී වෙලිවේරිය, වෙබඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා. එම තොරතුරු මත අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා දින 7ක රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබෙනවා.














