ගෝඨාගෝගම විරෝධතා භූමියට එල්ල වූ බව කියන ප්‍රහාරය සම්බන්ධ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 20 දෙනෙකුට එරෙහිව චෝදනා 328ක් යටතේ අධිචෝදනා ගොනු කිරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 56 දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ද අධිචෝදනා ගොනු කරන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.














