මීට වසර හතරකට පෙර බංකොලොත් තත්ත්වයක පැවති ශ්‍රී ලංකාව වත්මන් පාලනය යටතේ මැදි ආදායම්ලාභී රටක් බවට පත් කිරීමට හැකි වී ඇති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.
තලවකැලේ, කොටගල ප්‍රදේශයේ පැවති සමාජවාදී තරුණ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු සඳහන් කළේ, රාජ්‍ය ආදායම ඉහළ යාමත් සමඟ රටේ රුපියල් සහ ඩොලර් සංචිත ශක්තිමත් වීමට පටන්ගෙන ඇති බවයි. රාජ්‍ය ආදායම සහ විදේශ විනිමය ආරක්ෂා කිරීමට රජය මැදිහත් වූ නිසා භාණ්ඩාගාරයේ මුදල් සංචිත ඉහළ ගිය බවද ඔහු ප්‍රකාශ කළා. එමෙන්ම, පෙර පාලන සමයන්හි රාජ්‍ය ධනය අවභාවිත වූ බවට චෝදනා කරමින්, වත්මන් රජය එවැනි ක්‍රියා වැළැක්වීමට පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
















