අස්වැසුම ප්‍රතිලාභී හා අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබාදී රැකියාගත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “Next Sri Lanka” වැඩසටහන යටතේ, හෝටල් ක්ෂේත්‍රයේ නොමිලේ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහනෙන් 2026 වසර තුළ තරුණ තරුණියන් 1,500 දෙනෙකුට පුහුණුව ලබාදීමට අපේක්ෂිතයි.
හෝටල් ක්ෂේත්‍රයට අමතරව ඉදිකිරීම්, කාර්මික හා සාත්තු සේවා ඇතුළු ක්ෂේත්‍රවල පුහුණු පාඨමාලා සඳහාද රුපියල් 150,000ක් දක්වා මූල්‍ය පහසුකම් සැපයීමට වැඩසටහන යටතේ සැලසුම් කර තිබෙනවා. අයදුම්කරුවන් [www.nextsrilanka.lk](http://www.nextsrilanka.lk) වෙබ් අඩවිය සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මාර්ගයෙන් හඳුනා ගැනීමට නියමිතයි.














