20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසන් තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 216ක් රැස් කළා.
එහිදී ස්මෘති මන්දනා ලකුණු 79ක් සහ ආරම්භක පිතිකාරිනී ෂෆාලි වර්මා ලකුණු 48ක් රැස් කළ අතර, පන්දු 22කින් ලකුණු 49ක් ලබාගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කිරීමට තවත් ක්‍රීඩිකාවක් සමත් වුණා.
පන්දු යැවීමේදී සුගන්ධිකා කුමාරි, කවිෂා දිල්හාරි සහ චමෝදි ප්‍රබෝධා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. ඒ අනුව රන් පදක්කම දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළ ලකුණු 217ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
















