ඊසානදිග ඉන්දියාවේ තීස්තා ගඟ හරහා ගමන් කරමින් සිටියදී මවගෙන් වෙන්වී සැඩ පහරට ගසාගෙන ගිය දින 3–4ක් පමණ වයසැති අලි පැටවෙකු ප්රදේශයේ ධීවරයන් පිරිසක් විසින් බේරාගෙන තිබෙනවා.
අලි පැටවා දියේ ගසාගෙන යන අයුරු දුටු අජේ දාස්, රාජේෂ් දාස්, ගෝපාල් දාස්, මිට්ටු දාස් සහ බිෂ්වනාත් දාස් යන ධීවරයන් සිය ජීවිත අවදානම නොතකා එය ගඟෙන් ගොඩට ගෙන ආරක්ෂිත ගංගා දූපතකට රැගෙන ගොස් තිබෙනවා.
පසුව එක්වූ වනජීවී නිලධාරීන් පැටවාගේ මව සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, පැය දෙකකට ආසන්න කාලයකට පසු ගජෝල්ඩෝබා ප්රදේශයේදී අලි පැටවා මව සමඟ යළි එක් කිරීමට සමත්ව තිබෙනවා.
















