අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල සියලුම මගීන් ආසන පටි පැළඳිය යුතු බවත්, නීතියේ අරමුණ මගීන් සංඛ්‍යාව සීමා කිරීම නොව ආරක්ෂාව තහවුරු කිරීම බවත් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.
පවුලේ සාමාජිකයන් පස්දෙනෙකු ගමන් කරන අවස්ථාවක පසුපස මැද ආසනයට අමතර ආසන පටියක් සවිකර දරුවෙකුට එය භාවිත කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා.
අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය සැප්තැම්බර් 19 වැනිදා සිට දැඩිව ක්‍රියාත්මක වන බව පොලීසියද දැනුම් දී තිබෙනවා.
















