ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් රජය සලකා බලමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාමේ සමස්ත බරම ජනතාව මත පැටවීම වෙනුවට, භාණ්ඩාගාරයේ මුදල් යොදාගෙන යම් සහනාධාරයක් ලබාදීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
කෙසේ වෙතත්, ලබාදීමට අපේක්ෂිත සහනාධාරයේ ප්‍රමාණය මෙතෙක් තීරණය කර නැහැ.
















