ජනාධිපතිවරයා නිහඬව සිටීම හේතුවෙන් වත්මන් ආණ්ඩුව යටතේ විවිධ ක්ෂේත්රවල දූෂණ හා වංචා සිදුවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරනවා.
අද (22) පාර්ලිමේන්තුවේ පැවති ඛනිජ තෙල් සම්පත් සංවර්ධනය පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ, කන්ටේනර් 323ක් වරායෙන් පිට කිරීම, ඩොලර් මිලියන 2.5ක් වැරදි ගිණුමකට බැර කිරීම සහ පසුගිය වසර දෙක තුළ ඩොලර් බිලියනයක මුදලක් ජාවාරම්කරුවන් විසින් පිටතට යැවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිහඬව සිටින බවයි.
එමෙන්ම, ‘දිට්වා’ කුණාටුවෙන් හානියට පත් ජනතාවට වන්දි ලබාදීම, ගොවීන්ට වී සඳහා මුදල් ගෙවීම සහ පොහොර සැපයීම ඇතුළු ගැටලු සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා අදහස් පළ කළා. උපාධිධාරීන්ට සහ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙස ද ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















