ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායකට Popular Awards හි 2025 වසර සඳහා “Youth Film Actor” සම්මානය හිමිව තිබේ. Popular Awards නිල වෙබ් අඩවියේද එම සම්මානය රන්ජන් රාමනායකගේ නම යටතේ සඳහන් කර තිබේ.
සම්මානයට අදාළ අවස්ථාවන්හිදී රන්ජන් රාමනායක ක්ෂේත්‍රයේ ජනප්‍රිය කලාකරුවන් සමඟ ලබාගත් ඡායාරූප කිහිපයක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයට ලක්ව තිබේ.
Popular Awards යනු ශ්‍රී ලංකාවේ සිනමාව, රූපවාහිනිය, සමාජ මාධ්‍ය, සංගීතය සහ මාධ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක කලාකරුවන් හා නිර්මාණකරුවන් ඇගයීමට ලක් කරන සම්මාන උළෙලකි. රන්ජන් රාමනායක මීට පෙරද Popular Awards හි සිනමා අංශයේ සම්මාන හිමිකරගෙන තිබේ.
















