මැදවච්චිය ප්රදේශයේදී වනජීවි නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී තිත් මුවකුගේ මස් ග්රෑම් 5355ක් සහ නීතිවිරෝධී මෙරට නිෂ්පාදිත බඳින තුවක්කු සන්තකයේ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මැදවච්චිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කඩවත්ගම ප්රදේශයේ නිවසක මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරු පසුගිය 21 වන දින මැදවච්චිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වැරදි පිළිගැනීම හේතුවෙන් මහේස්ත්රාත්වරයා විසින් හඳුනාගැනීම් සහ දඬුවම් නියම කිරීම සඳහා ඉදිරි දින නියම කර තිබේ.
















