ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ සෞදි අරාබියේ East-West තෙල් නල මාර්ගයේ මෙහෙයුම් යළි ආරම්භ කර තිබේ. එම නල මාර්ගය මේ වනවිට අඩු වේගයකින් ක්‍රියාත්මක වන අතර, Red Sea වෙරළේ Yanbu වරායෙන් තෙල් අපනයනයද යළි ආරම්භ කිරීමට සූදානම් වන බව Reuters වාර්තා කරයි.
East-West Pipeline මගින් දිනකට තෙල් බැරල් මිලියන 4ක් පමණ Yanbu වෙත ගෙනයාමට හැකි අතර, එහි සම්පූර්ණ ධාරිතාව දිනකට බැරල් මිලියන 7ක් පමණ වේ. ප්‍රහාරයෙන් නල මාර්ගයේ පොම්ප මධ්‍යස්ථාන කිහිපයකට හානි සිදුවීම හේතුවෙන් සම්පූර්ණ ධාරිතාවට යළි පැමිණීමට සති 6ත් 8ත් අතර කාලයක් ගතවිය හැකි බව මූලාශ්‍ර සඳහන් කරයි.
නල මාර්ගය යළි ක්‍රියාත්මක කිරීම මැදපෙරදිග තෙල් සැපයුම් පිළිබඳ වෙළෙඳපොළ අපේක්ෂාවන්ටද බලපෑමක් ඇති කර තිබේ. Reuters අනුව Brent crude මිල බැරලයකට ඩොලර් 97ක් ආසන්න මට්ටමකට පහළ ගොස් ඇති අතර, Yanbu වරායෙන් චීනය බලා යන තෙල් නැව්ගත කිරීමක්ද සැලසුම් කර තිබේ.
















