ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (22) සිය සහතිකය සටහන් කර තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, දෙවැනිවර කියවීමේ විවාදය සැප්තැම්බර් 09 වැනිදා පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබෙනවා.
2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ද අහෝසි වනවා.
එමෙන්ම, පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරීමට නියමිතයි.
ඒ අනුව, මෙම පනත් කෙටුම්පත 2026 අංක 22 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වී තිබෙනවා.














