ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, වසර පහකට පමණ පසු කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල යළිත් ජාතික විස්සයි20 සංචිතයට කැඳවා ඇති අතර, වසර තුනකට පසු අෂේන් බණ්ඩාර ද කණ්ඩායමට එක්ව සිටිනවා.
සහන් ආරච්චිගේ කණ්ඩායමේ නායකත්වයට පත් කර ඇති අතර, සොහාන් ද ලිවේරා, වනුජ සහන්, සිනෙත් ජයවර්ධන සහ ගරුක සංකේත් පළමු වරට ජාතික විස්සයි20 සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සෘජුවම සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන්ගේ පළමු තරගය සැප්තැම්බර් 29 වැනිදා නිසින්හිදී පැවැත්වීමට නියමිතයි.
















