බ්‍රිතාන්‍යයේ නව අගමැති ඇන්ඩි බර්නම් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු මුහුණට මුහුණ හමුව නිව්යෝක් නුවරදී පවත්වා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති මෙම හමුවේදී දෙපාර්ශ්වය විනාඩි 40ක පමණ කාලයක් සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හමුවෙන් අනතුරුව අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් ඇන්ඩි බර්නම් පිළිබඳ පැහැදීමකට පත්වූ බවයි. බර්නම් ද “ව්‍යාපාරික මනසක් ඇති” නායකයකු බවද ඔහු සඳහන් කර තිබෙනවා.
කීර් ස්ටාර්මර්ගෙන් පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ බර්නම්, පසුගිය දශකය තුළ එම ධුරයට පත්වූ හත්වැනි පුද්ගලයා බව වාර්තාවේ සඳහන්. ස්ටාර්මර් සහ ට්‍රම්ප් අතර ඉරාන-ඇමෙරිකා යුද්ධය සම්බන්ධයෙන් මත ගැටුම් පැවති බවද එහි දැක්වෙනවා.
















