කොළඹ බැස්ටියන් මාවතේ පුද්ගලික බස් නැවැතුම්පොළේ සිදුකළ විශේෂ රාත්‍රී පරීක්ෂාවකදී පරීක්ෂාවට ලක් කළ බස් රථ 59කින් 39කට නඩත්තු නියෝග නිකුත් කර තිබෙනවා. මෙම මෙහෙයුම වාහන වායු විමෝචන වැඩසටහන විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහයෝගය ඇතිව සිදුකර තිබුණා.
දහවල් කාලයේදී ධාවනය නොවන සහ සාමාන්‍ය පරීක්ෂාවලට හසු නොවන බස් රථ ඉලක්ක කරගනිමින් මෙම රාත්‍රී මෙහෙයුම සංවිධානය කර තිබූ අතර, ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කළ බස් රථද හඳුනාගෙන තිබෙනවා. එම බස් රථවල මාර්ග බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්.
මේ අතර, කිලිනොච්චිය ප්‍රදේශයේ ධාවනය වන බස් රථවල මාර්ග යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ වැඩසටහනක්ද ඊයේ (22) ක්‍රියාත්මක කර තිබෙනවා. මගී ආරක්ෂාව සහ පරිසර ආරක්ෂණය වෙනුවෙන් මෙවැනි පරීක්ෂණ සතිපතා සිදු කිරීමටත්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමඟ එක්ව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර තිබෙනවා.
















