ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගියද, ඉදිරි ඉන්ධන මිල සංශෝධනයේදී එම සමස්ත බර ජනතාව මත පටවන්නේ නැතිව කොටසක් රජය විසින් දැරීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.
අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ සෑම මාසයකම අවසානයේ සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අදාළ තොරතුරු ඉදිරියේදී මහජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි.
පසුගිය අප්‍රේල්, මැයි සහ ජූනි මාසවලදී මෙන්ම මෙවරද පාරිභෝගිකයා ආරක්ෂා කරගනිමින් වගකිවයුතු රජයක් ලෙස ඉන්ධන මිල ඉහළ යාමේ බරෙන් කොටසක් රජය භාරගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කළා.
















