වැලිගම ප්‍රධාන තැපැල් කාර්යාලයේ වාර්ෂික ගිණුම් පරීක්ෂණයේදී රුපියල් ලක්ෂ 21ක මුදලක් අස්ථානගත වී ඇති බව අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.
එම තැපැල් කාර්යාලය යටතේ උප තැපැල් කාර්යාල 17ක් ක්‍රියාත්මක වන අතර, සමස්ත තැපැල් කාර්යාල පද්ධතියේ දෛනික ආදායම රුපියල් ලක්ෂ 30ත් 40ත් අතර ප්‍රමාණයක් ඉක්මවන බවද වාර්තා වනවා. තැපැල් කාර්යාලය සන්තකයේ තබාගත හැකි උපරිම මුදල රුපියල් දෙලක්ෂ පනස්දහසක් වන අතර, ඉතිරි මුදල් දෛනිකව බැංකුගත කළ යුතු බව සඳහන්.
කෙසේ වෙතත්, බැංකුගත කළ යුතු මුදල් දිනෙන් දින අවභාවිත කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් වැලිගම වත්මන් තැපැල් ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ අවසරයකින් තොරව තොරතුරු ලබාදිය නොහැකි බවයි.
















