ඉන්දියාව වෙත ගමන් කරමින් තිබූ ‘MV Cape Dao’ නම් බල්ක් ප්‍රවාහන නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක් ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඕමානයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය නිවේදනය කරයි. ඕමානයේ මුසන්දම් ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, නෞකාවේ සිටි ඉන්දීය ජාතිකයින් 19 දෙනෙකු ඇතුළු මුළු නාවිකයන් පිරිසකගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තානාපති කාර්යාලය ඕමාන් බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සිටී.
ප්‍රහාරයෙන් පසු නෞකාවේ සිටි මුළු කාර්ය මණ්ඩලය ඉවත් කරගැනීමේ මෙහෙයුමක් ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව නාවිකයන් 27 දෙනෙකු ආරක්ෂිතව ඉවත් කර ඇති අතර, ඉන් එක් අයෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් තහවුරු කළහ. ජාත්‍යන්තර ප්රවෘත්ති සේවා වාර්තා කරන ආකාරයට මෙම ප්‍රහාරය පසුපස ඇති හේටූන් සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳව අදාළ අංශ වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.














